ගෙවන ක්‍රමය වෙනස් කරයි -ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් වැට උඩ

වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා දක්ෂතා අනුව ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ක්‍රීඩකයන් සමග ගිවිසුමක්ද අත්සන් කිරීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් එලෙස ගිවිසුම් ගත වීමට වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් රැසක් කල් මරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සිටින බවද වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පසුබෑමක තිබෙන අවස්ථාවක ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධයද එල්ල වුණා.

එම කරුණුද සැලකිල්ලට ගනිමින් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ. එළැඹෙන ලෝක කුසලානයට පෙර අදාළ නව ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *