ලාංකික තරුණියක් චෙන්නායි නුවර දී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තරුණිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය හරහා ඉන්දියානු තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර මාස 7ක් ඒ හරහා පෙම් සබඳතාව පවත්වාගෙන ගොස් පසුව ඇය තරුණයා හමුවීම සඳහා චෙන්නායි නුවරට ගොස් ඇති බවයි එහි සඳහන් වන්නේ.
පසුව කාංජිප්පුරම් ප්‍රදේශයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අවිනාෂ් නැමැති තරුණයා සමඟ ඇය නවාතැන්පලක එක්ව වාසය කර ඇති අතර පසුගිය 25 වන දින තරුණයා විසින් තරුණිය ලංකාවට පිටත් කර හැරීම සඳහා ගුවන් ටිකට් පත්ද මිල දී ගෙන ඇති නමුත් ඇය ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන් දින කිහිපයකට පසුව තරුණිය ඌරප්පාක්කම් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නවාතැන්පොළ තුළදී ගෙල වැළලාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ මලර්මේරි සෙල්වරාජ් නැමැති ලාංකික තරුණියකි.