ශ්‍රී ලංකාවට ආවේණික තවත් සර්පයකු දුම්බර කඳුකර ලෝක උරුම වනාන්තරයෙන් හඳුනාගෙන තිබෙනවා.
“ඩි සිල්වාගේ මැඬිල්ලා” ලෙස සිංහලෙන් නම්කර ඇති මෙම සර්පයා සොයාගැනීම සිදුකර ඇත්තේ ප්‍රවීණ සත්ත්වවේදීන් වන එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ, ඉමේෂ් නුවන් බණ්ඩාර, දුලාන් රංග විදානපතිරණ හා නෙතූ වික්‍රමසිංහ යන අය විසිනුයි.
හිටපු කෞතුකාගාර පාලකයකු වන පී. එච්. ඞී. එච්. ද සිල්වා මහතාට ගරු කිරීමක් ලෙස මෙම සර්පයා ඔහු නමින් නම්කර තිබෙනවා.