ජනපති අපේක්ෂකයා තේරීම අද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව පිහිටුවන පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ගැන අද (14) තීරණ කරනා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළා.

නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම තීරණය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඒ කවුරුන්ද යන්න දැන්ම රටට කියන්නේ නැතැයි ද එහිදී සඳහන් කර තිබෙනවා.

පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර පුළුල් සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

මෙහි දෙවැනි සාකච්ඡාව එළැඹෙන 21 දා පැවැත්විමට නියමිත බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ජනපති අපේක්ෂකයෙක් තේරීම සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *