ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන්ට නවාතැන් අහිමිවේ.. රැකියා නැතිවේ – ලාංකික පදිංචිකරුවන් සෙනෙහසේ දෑත් දිගු කරයි

ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් ද කොරෝනා හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවෙන් එරටට ගිය සිසුන් මේ හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් ගෙවා ගැනීමට නොහැකිව බහුතර සිසුන්ට නවාතැන් අහිමිව ඇති බවද එම වාර්තා මගින් සඳහන් වනවා.

එරට රැකියා සියයට 90ක් පමණ අහිමිව ඇති බවද සඳහන් වනවා.

මේ අතර එවැනි සිසුන් වෙනුවෙන් සහාය වීමට එරට සිටින ශ්‍රී ලාංකිකයන් සුදානමින් සිටින බව වාර්තා වනවා.

මෙල්බර්න් සහ කැන්බරා ප්‍රාන්තවල සිටින ලාංකිකයන්ට පළමු පියවර ලෙස සහාය වන බවයි ඔවුන් පවසන්නේ.

ඒ පිළිබඳව තොරතුරු පහත වීඩියෝව මගින් දැනුවත් විය හැකියි.

මෙල්බන් කණ්ඩායම

පැතුම් 0403 738 611
මෙල්බන් සහන් 0449 776 750
බුද්ධිමා 0426 947 875

කැන්බරා කණ්ඩායම

දුමින්ද 042 6286921
ධම්මික 0423 124 976

You May also like

1 Comment

  1. දැනට ඇතිවී තත්වය හමුවේ Australia හි සිටින ලාංකික පුරවැසියන්ට (non Australian residence ) යම් ගැටලුකාරී තත්වයන් ඇතිවී තිබෙනවා . දැනට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ගුවන් මගීන් ලංකාවට ඇතුලත් කර නොගන්න නිසා මෙහි සිටින සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට Australian රජයේ නීතිවලට අනුව මෙහි රදිසිටීමට සිදුවේ . Sri Lanka High Commission එක මේ සදහා කටයුතු කරමින් සිටිනබව ඔවුන් දැන්ව සිටිනවා. මෙහි කිසිවෙකුටත් නිවාස අහිමිවී මක් අපට දැනගන්න ලබී නැත . මේහි සිටින Australian citizen , and Australian permanent resident යට මධ්‍යම ආණ්ඩුවෙන් දීමනාවන් සහ වෙනත් පහසුකම් ලබා දිඉමට සැලසුම් කොට ඇත.
    සියලුම බදුගෙවන්නන්ට ආණ්ඩුවෙන් ඔව්න්ගේ superannuation ගිණුම් වලින් මුදල් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා . මෙය සඳහා
    International students ලටද අයදුම් කල හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *