ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
පසුගිය සෙනසුරාදා මෙම අනතුරුව සිදුව ඇති අතර එකම පවුලේ මව හා දියණියන් දෙදෙනෙක් මෙන්ම තවත් පවුලක කුඩා දරුවෙක් මෙසේ අනතුරින් මියගොස් ඇති බවයි Muscat Daily පුවත්පත අද (25) වාර්තා කර ඇත්තේ.
සති අන්තයේ චාරිකාව සඳහා ගමන් කරමින් සිටින විට මෙම අනතුරුව සිදුව තිබෙනවා.
අනතුර සිදුව අවස්ථාවේ රථයේ 7ක් දෙනෙක් ගමන් කර ඇති අතර ඒ එකම පවුලක මව පියා හා දරුවන් තිදෙනෙක් මෙන්ම තවත් පවුලක දරුවන් දෙදෙනෙක් බවයි එම පුවත්පත පවසන්නේ.
මියගිය දරුවන් තිදෙනොම මස්කට්හි ශ්‍රී ලංකා විදුහලේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා.
තුවාල ලැබූ පියා, ඔහුගේ පුතා හා තවත් දරුවෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙම අනතුරට හේතුව තිරිංග පද්ධතියේ ඇතිවූ දෝශයක් බවට එරට පොලීසිය සැකකරනවා.