ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ලයිෆ් සුබ පැතුම්’ ත්‍යාග ප්‍රධානෝත්සව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ සිසු දරු දැරියන් අගය කිරීම සහ දිරිමත් කිරීමේ අරමුණින් දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් තිළිණ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුභපැතුම් ජාතික ශිෂ්‍යත්ව වැඩසටහනේ 2016/17 ත්‍යාග ප්‍රධානෝත්සව මාලාවේ අදියර 15ක් අවසන් කරමින් කොළඹ හා නැගෙනහිර කළාප වල ත්‍යාග ප්‍රධානෝත්සව දෙකක් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී.

කොළඹ ප්‍රදේශිකයේ ත්‍යාග ප්‍රධානෝත්සවය පෙබරවාරි 27 දින කොළඹ බිෂෝප් විද්‍යාලයේදී පැවැත්වූ අතර නැගෙනහිර ප්‍රදේශිකයේ ත්‍යාග ප්‍රධානෝත්සවය මාර්තු 3 වනදා ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ විභාග වලදී දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතින මටිටමින් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් හිමි දෙමවුපියන්ගේ දරුවන්ට මෙන්ම ජීවිත රක්ෂණයක් නොමැති දූ දරුවන්ටද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට හැකියාව තිඛෙන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් හිමි දෙමවුපියන්ගේ දරුවන්ට තවත් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

SLIC

SLIC

SLIC

SLIC

SLIC

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *