බ්‍රිතාන්‍යයේ දක්ෂම දැරිය ලෙස සිංහල දැරියක් තෝරා ගනී – ඇගෙන් ඔබට පණිවිඩයක්

 

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූ බව බීබීසී වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන “Child Genius” වැඩසටහනේදී එසේ සම්මාන ලැබූ ඇය නිශී උග්ගල්ලයි.

තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වුණා.

ශ්‍රී ලංකාවේ උපත ලබා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ නීලංග උග්ගල්ල සහ ශිරෝමි ජයසිංහ ඇයගේ දෙමාපියන් වනවා.

බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ “දැනුම වැඩි කරන්න හොඳ ම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්.

ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!.” ” යනුවෙනුයි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *