මෙරට නිෂ්පාදිත ‘උණ්ඩ වර්ග දෙකක් යෙදිය හැකි’ ගිනිඅවිය (PHOTOS )

නීති විරෝධී ලෙස මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු එම ගිනි අවියද සමගින් සැක පිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහංදිය පොලිසිය සඳහන් කළා.

මීට කලකට පෙර වෙනත් අයෙකු විසින් තබන ලද වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ අයෙකු වන මෙම සැකකරු ලේනගල්පලාත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ මෙම ගිනි අවිය සඟවාගෙන සිටියේ සිය ආරක්ෂාවට බව පොලිසියට පවසා තිබුණා.

මෙරට නිෂ්පාදිත මෙම ගිනි අවිය මගින් රිවෝල්වර උණ්ඩ සහ ටී -56 වර්ගයේ උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි බව පොලිසිය පැවසයි.

සැකකරුව පෙබරවාරි 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *