කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය බැංකු තාවකාලිකව වැසේයි

කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය බැංකුවක කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග එම බැංකුව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබෙනවා.

එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 41 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 නෙකු සොයා ගැනුණා.

ඉන් 19ක්ම මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන්.

අලුත් අවුරුදු කාලසීමාවෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ අලුත් අවුරුදු කාලසීමාවේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම මීට හේතුව වී ඇති බවයි.

ඊයේ දිනයේදී හඳුනා ගත් නව ආසාදිතයින් 367 දෙනා අතරින් වැඩිම පිරිස වන 94 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඉන් 13 දෙනෙකු පන්නිපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, 11 දෙනෙකු හමුවුණේ මොරටුව ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 දෙනෙකු ඊයේ අලුතෙන් සොයා ගැනුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ රෝගීන් අතුරින් 25 දෙනෙකුම කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වීම විශේෂත්වයක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *