“මම දැරුවේ කැබිනට් පමණයි..රාජ්‍ය ඇමතිවරුන්ට ආයතන නෑ”- විජේදාස ඇමතිකම අතහැර ජනපති උපදේශකට මුල මතක් කරදුන් හැටි හෙළිවේ

තමන් කිසිදිනෙක කැබිනට් ඇමතිකමක් මිස රාජ්‍ය ඇමතිකමක් දරා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකතනයෙන් අමතමිනුයි.

ඔහුට නම් කර ඇත්තේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කම බව දැනගත් පසු ජනාධිපති උපදේශක වරයා අමතමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිවරුන් සඳහා කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයක් මගින් පවරා නැති බවද විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කර තිබුණා.

තමන්ට බොරුවට ඇමතිකම් අවශ්‍ය නැති බවත් එවන් ඇමතිධුර තමන් බාර ගන්නේ නැති බවත් පවසමින් ඔහු එහිදී සඳහන් කර ඇති බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *