සුදු වෑන් රියැදුරෝ මේක්අප් කළ ශීල්පියා රහස් පොලිසියට කළ ප්‍රකාශය මෙන්න

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුදු වෑන් රියැදුරෝ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාගේ විමර්ශන ඉදිරි සති තුනේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණය හමුවේ වාර්තා කළා.

“සුදු වෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා වේශ නිරූපණයට ලක් කළ වේශ නිරූපණ ශිල්පියාගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශයට අනුව මෙම කාර්යය ඉටු කිරීම සඳහා අදාළ වේශ නිරූපණ ශිල්පියා රුපියල් 20000/- ක මුදලක් ඉල්ලා රුපියල් 15,000/- කට එම කටයුත්ත ඉටුකර දී ඇති බවට අනාවරණය වෙනවා.

අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී එම සුදු වෑන් රියදුරන් දෙදෙනා වේශ නිරූපනය කිරීම සඳහා යොදාගත් රැවුලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.” යැයි ප්‍රකාශ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ඉදිරි සති තුනක කාලය ඇතුළතදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළා.

ඒ අනුව පරීක්ෂණවල ඉදිරි පියවර වාර්තා කිරීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙසද ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *