පාතාලයේ T 56 අවි 12ක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

දකුණේ පාතාල කල්ලියකට අයත් T 56 අවි 12ක් සමඟ සැකකරුවෙකු හෝමාගම – පිටිපනදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරකට අනුව අද සිදුකළ වැටලීමකදියි.

ගගන නමැති බන්ධනාගාර ගතව සිටින පාතාල නායකයාගේ ගෝලයකු වන පොට්ට කපිල සමග හෝමාගම,පිටිපන කිරිබේරියකැලේ දී  ටී 56අවී 12සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *