මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වූ රුවන් සමග 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, දෙමටගොඩ, වේලුවන පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස වටලා අද පස්වරුවේ කළ මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්ථාන යුවළක් ද සිටිනවා.
සැකකරුවන් සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, වායු රයිෆල් එකක්, උණ්ඩ 50 ක් , කඩු තුනක්, මුදල් ගණින යන්ත්‍ර දෙකක් හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ සුඛෝපබෝගී වාහන 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.