අරලියගහ මන්දිරයේ වෙඩි පත්තු වී ඇත්තේ ෆේස්බුක් ප්‍රේමයක් නිසයි

අරලියගහ මන්දිරයේ රාජකාරි කරමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු රාජකාරි ස්ථානයේදී ඊයේ (04 ) පෙරවරුවේ තම රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ ෆේස්බුක් හරහා ගොඩනගාගත් පේ‍්‍රම සම්බන්ධතාවක් බිඳී යෑම නිසා බවයි වාර්තා වන්නේ.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ වරකාපොළ අල්ගම පදිංචිකරුවකු වූ 31 හැවිරිදි දිල්රුක් සමරසිංහ නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

ෆේස්බුක් ඔස්සේ විවාහක කාන්තාවක සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ මෙම නිලධාරියා එම සම්බන්ධතාවය බිඳී යෑම නිසා සිත් තැවුලෙන් මෙසේ වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබූ බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එම කාන්තාවට ලියන ලද ලිපියක් ද මියගිය කොස්තාපල්වරයා සතුව තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර දෙදරු මවක වූ මෙම කාන්තාව ටික කලකට උඩදී ෆේස් බුක් හරහා මෙම නිලධාරියා හඳුනාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙම නිලධාරියාගේ යෝජනාවලට අකමැති වීම නිසා ඔවුන් අතර ආරවුල් හටගෙන ඇති අතර පසුව මෙම සම්බන්ධතාවය බිඳීගොස් තිබුණා.

ක‍්‍රියාන්විත ප‍්‍රදේශවල රාජකාරි කළ දක්‍ෂ නිලධාරියෙක් වන ඔහු . ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුවේ රාජකාරි සඳහා වාර්තා කළ මෙම නිලධාරියා පෙරවරු 9.00 ට පමණ ටී. 56 ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *