මදුෂ් සොරාගත් දියමන්තිය පොලිසියේදී වෙනත් පාෂාණයක් වෙයි

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ල කන ලද දියමන්තිය වෙනත් පාෂාණයක් විය හැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

එහි සභාපති රෙජිනෝල්ඞ් කුරේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කමිටුව මේ බව සඳහන් කළ බවයි.

එහිදී “ඒක පරීක්ෂා කරලා සහතිකයක් නිකුත් කරන්න මම පත් කළා මෙම විද්‍යාව පිළිබඳව අප ආයතනයේ ඉන්න දක්ෂම නිලධාරීන් තුන් දෙනෙක්ව. ඔවුන් පරීක්ෂා කරලා පැවසුවේ එය දියමන්තියක් නොව වෙනත් පාෂාණ විශේෂයක් කියලයි. ඒ ප්‍රකාශය පිළි ගැනීමට හිමිකරු කැමති නෑ. ඒ නිසා අපේ නිලධාරීන් මේ පාෂාණය ගැන තව දුරටත් පරීක්ෂණයක් කරන්න පාෂාණය සීරිමක් කරන්න ඉල්ලුවා. ඒකටත් අයිතිකරු කැමැත්ත ප්‍රකාශ කළේ නෑ.” යනුවෙන් සඳහන් කළා.

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන කැලූම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නැමැත්තා කෝටි 500ක් පමණ වටිනා බව කියන මෙම දියමන්තිය සමග ඉකුත් දා අත්අඩංගුවට ගැනුණේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදීයි. ඔහුගෙන් සිදු ලද ප්‍රශ්ණ කිරීම්වලට අනුව මොරටුව රාවතාවත්තේ පිහිටි නිවෙසක තිබී රුපියල් මිලියන 1800කට අධික හෙරොයින් තොගයක්ද ඊයේ (11) සොයා ගැනුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *