මාකඳුරේ මධුෂ් විසින් සැළසුම්ගතව පැහැරගත් බව කියන පන්නිපිටියේ ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි 700ක් වටිනා දියමන්තිය ඊයේ (4) රාත්‍රී සොයාගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින්.
පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙය සොයාගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි ඔස්ට්‍රියා ජාතිකයෙකු ඇතුළු පිරිසක් එම දියමන්තිය හා මැණික් තොගය පරීක්ෂා කරමින් සිටියදී, පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු ඇතුළු පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.
මෙම කොල්ලකෑමට සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා (01දා) ඇහැලියගොඩ, මෑවැල්ල ප්‍ර‘දේශයේදී ඇහැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත්තා.
අදාළ නිල් දියමන්තිය හා මැණික්ගල් තොගය පිළියන්දල, අලුත්පාරේදී මාකඳුරේ මධුෂ්ගේ ළඟම හිතවතෙකු වන කැලුම් නොහොත් ‘කැවුමා’ නමැත්තාට ලබාදුන් බවට එම සැකකරුවන් දෙදෙනා පොලීසියට පවසාතිබෙනවා.