දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28ද) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.
මෙහි දී කොස්ගම පොලිස් ස්ථානයේ සිර මැදිරිය විවෘත කිරීම සිදු කළේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිර මැදිරියට දමමිනුයි.
එම වීඩියෝව පහතින් දැක්වෙනවා.