ජවිපෙන් ප්‍රබල ජනපති අපේක්ෂකයෙක්

විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේ ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි.

ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කිසිවෙකුට හෝ සියයට 45 ට වඩා ලබා ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවර අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා හරහා දැවැන්ත ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරමක් බවට පත් කරගන්නා බවද බිමල් රත්නායක මහතා පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *