දෙල්කඳ දී අද දහවල් ඇල්ලූ මධුෂ්ගේ සමීපතම මිතුරා

පැඟිරිවත්තේ සුද්දා ලෙසින් හැඳින්වෙන මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු අද (13) දහවල් දෙල්කඳ ප‍්‍රදේශයේ දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇරැව්වල දියමන්ති කොල්ලයට ද සම්බන්ධ මෙම සැකකරු මාකදුරේ මධූෂ් සමග දුරකතන සබදතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා සහ පැගිරිවත්තේ සුද්දා නමැති මෙම සැකකරුවන් සමීප මිතුරන් බව ද ප‍්‍රකාශ කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *