රාජකාරී ගිනිඅවියෙන්ම කොස්තාපල් දිවි තොර කර ගනී

රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මහරගම පොලිස් ස්ථානයේ සේවය කළ අයෙක් බවයි වාර්තා වුණේ.

අද පෙරවරු 9.45ට පමණ මහරගම පොලිස් ස්ථානයේ ආපනශාලාව අසළදී මෙම වෙඩිතබා ගැනීම සිදු කරගෙන තිබෙනවා.

ඔහු සිය හිසට වෙඩි තබාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 29ක් වූ අනුරාධපුරයේ පදිංචි මනෝජ් දිසානායක නැමැතිඅයෙක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *