සජිත්ගේ ජනපතිවරණයට අල්ලස් අරන් – සුපිරි වෙළඳසැල් 07කින් ලක්ෂ 3850ක්!

ජනාධිපතිවරණයට ආසන්න දිනක දී දිවයිනේ අල්ලස් ලබා ගනිමින් දිවයිනේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සැල් ජාලයකට මත්පැන් බලපත්‍ර ලබාදුන් පුවතක් වාර්තා වනවා.

එම ආයතනයේ වෙළඳසැල් 07කට බලපත්‍ර ලබාදීමට එක් වෙළඳසැළකින් රුපියල් ලක්ෂ 550 බැගින් අල්ලස් ලබාගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයෙකු සහ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු මේ පිළිබඳව චෝදනා ලබා ඇති බවයි වාර්තා වන්නේ.

FL 4 වර්ගයේ මෙම බලපත්‍රයක් සඳහා ගෙවිය යුතු නිත්‍යානුකුල මුදල රුපියල් ලක්ෂ 04කි.

එජාපය ජනාධිපතිවරණය සඳහා මෙම මුදලින් කොටසක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.