ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩ නැගීමේ වැඩපිළිවෙළට සහය දෙනවා

ආර්ථිකය යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ,  නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදීය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට, දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන්නැයි ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළේ ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වීමට ජනාධිපතිවරයා මේ දිනවල අමෙරිකාවේ රැඳී සිටි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *