ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන මිල දී ගැනීම, බෙදාහැරීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කවරේද යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර අධිකරණයේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා ට නියම කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

විජිත් මළල්ගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

You May also like

Leave a Reply

Your email address will not be published.