සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩ සටහන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ගෙනයන චෝදනා පදනම් විරහිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
2018/19 වසර සඳහා සුරක්ෂා රක්ෂණයට අදාළව රක්ෂණ ආයතනය තෝරා ගැනීමේ අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් මත සිදුවූවක් නොවන බවත් එය ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ (PAB) තීරණයක් මත සිදුවූවක් බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.
මේ අතර සුරක්ෂා රක්ෂණාවරණය යටතේ නියමිත ප්‍රතිලාභ දරුවන්ට නොලැබෙන බවටද මතවාදයක් සමාජගත කිරීමට යම් කණ්ඩායම් සූක්ෂම උත්සාහයක නිරතව සිටින්නේ සිසු දරුවන් මව්පියන් ඇතුළු ප්‍රතිලාභින්ගේ අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකස් කර තිබියදී වීම කණගාටුදායක බවයි අධ්‍යාපන අමාත්යංශය පවසන්නේ.
ඒ අනුව රක්ෂණ ඉල්ලීම් අයදුම්පත්‍රය සහ ඊට අදාළ ලිපි විදුහල්පතිවරයාගෙන් සහතික කර අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්ය හා පෝෂණ ශාඛාව වෙත යොමු කරන ලෙස දන්වා තිබෙන අතර මේ පිළිබඳ සියලු ම විදුහල්පතිවරුන් ,පලාත් සහ කලාප මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමට ද අධ්යාපන අමාත්යාංශයේ සෞඛ්ය හා පෝෂණ ශාඛාව කටයුතු කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
එලෙස එක්රැස් කරගන්නා තොරතුරු ගිවිසුම් ගතවන රක්ෂණ ආයතනයට ලබා දී ඊට අදාළ ප්‍රතිලාභ දරුවන් වෙත ලබා දීමට සියලු මූලික පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.