රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිගෙන් පොරොන්දුවක්

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද(09) පැවැත්වුණා.

ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර සහභාගිවී සිටියා.

පැවති රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයාගේ වාර්තාව පිළිගැනීම වරදක් බවත් ඒ මත පදනම්ව රණවිරුවන්ට චෝදනා ගෙන එමින් කටයුතු කිරීම වරදක් බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඉතා කෙටි කාලයක් තුළ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාත්, අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් මේ පිළිබඳව දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජාතික සංවිධාන නියෝජිතයින්ට මෙහිදී දැනුම් දුන්නා.

You May also like

Sorry. No data so far.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *