බුදු පිළිමයක් පොළොවේ ගසා විනාශ කිරීමේ සිද්ධියක් කටුපොත පොලිස් වසමේ සිදුව තිබෙනවා.
පහමුණේ අලහිටියාව පුරාණ විහාරයේ අතිරේක බුදු මැදුරක තැන්පත් කර තිබූ මෙම පිළිමය 26 දින රාත්‍රී කාලයේදී පොළොවේ ගසන ශබ්දය ඇසී ඒ දෙසට දිවගිය පැවිදිවීමේ අපේක්‍ෂාවෙන් විහාරයේ නේවාසිකව සිටි අයෙකුටද පහරදී සැකකරු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ බව සැලවූ ගම්වාසීන් විසින් සැකකරු අල්ලා නාරම්මල පොලිසියට භාරදී ඇති අතර නාරම්මල පොලිසිය විසින් සැකකාර මුස්ලිම් ජාතිකයා කටුපොත පොලිසියට භාරදී තිබෙනවා.