සුනඛයෙකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

අනවසර විදුලි රැහැන් ඇද සුනඛයෙකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ යාබද නිවසේ හිමිකරුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ලේ දැක්වෙන්නේ එම පුද්ගලයා සිය ගෙවත්තේ වගා කටයුතු සඳහා යොදාගන්නා වතුර මෝටරයකට සම්බන්ධ කර ඇති විදුලි රැහැනක් මගින් මෙලෙස සතුන් ඝාතනය කරන බවයි.

පැමිණිලිකරුගේ නිවසේ සුරතල් සුනඛයා ද මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇති අතර, ඒ අනුව දේවහූව – වැටකොළුවැව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුනා.

මියගිය සුනඛයාගේ මළ සිරුර සම්බන්ධයෙන් වාර්තාවක් පශු වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *