නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ගන්දර – නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

47 හැවිරිදි සැකකරු මාතර – කැකනඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම නාකුට්ටිය ප්‍රදේශයේදීම ඊයේ රාත්‍රියේ හෙරොයින් ග්‍රෑම් 5.6 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

37 හැවිරිදි ඔහුද කැකණදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනාම අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *