තරග පාවාදීමේ චෝදනාවට ලක්වූ ‘ දිල්හාර ‘කබලෙන් ලිපට වැටුණු SMS පණිවිඩය මෙන්න

ඉදිරි සතියේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වන බව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා.

ඔහුට එරෙහිව ඉකුත් දා චෝදනා 03ක් ගොනු කෙරුණු අතර එම චෝදනා සඳහා නිදහසට කරුණු දැක්වීමට එම කවුන්සිලය විසින් ඉකුත් 04වැනිදා දින 14ක කාලයක් ලබා දුන්නා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී ටෙන් තරගාවලියේදී දිල්හාර ලොකුහෙට්ටිගේ සිය කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති 03ක් උල්ලංඝණය කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.

මුදලට තරග පාවාදීම, ඒ සඳහා උපක්‍රම යෙදීම හෝ වෙනත් අයෙකු එවැනි ක්‍රියාවක් සඳහා පෙළඹවීම ඔහුට එරෙහිව ඇති එක් චෝදනාවක්.

තමන්ට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් දිල්හාර ලොකුහෙට්ටිගේ සඳහන් කළේ “මම කිසිම තරගයක් පාවාදීමක සම්බන්ධ නෑ. මගේ ෆෝන් එකත් ඒගොල්ලො අරගත්තා. දවස් දෙකකට පස්සේ මට ආපසු ෆෝන් එක දුන්නා. ඒ ෆොන් එකේ මැසේජ් එකක් තිබ්බා.

මල්ලි වැඩේ හරියන්නේ නෑ.. මම ඕස්ට්‍රේලියාවට යනවා… කියන මැසේජ් එක හින්දා තමයි ඒගොල්ලො මේ දෙවැනි චෝදනාව මට දාලා තියෙන්නේ.” යනුවෙනි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *