පල්ලි වලට කඩු ගෙනාවේ කැලේ කපන්නලු – මුස්ලිම් කටයුතු ඇමති

ඇතැම් මුස්ලිම් දේවස්ථානවල තිබී හමුවූ කඩු, එම දේවස්ථාන අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගෙන ආ ඒවා යැයි කියවෙන බව මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ හලීම් මහතා පවසයි.

බොහෝ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සුසාන භූමි පවතින බවත් ඒවායේ කැලෑ වැවුණු විට කපා දැමීම සඳහා මෙම උපකරණ රැගෙන පැමිණි බවක් තමන් ඒ පිළිබඳ විමසීමේදී ඇතැමුන් විසින් ප්‍රකාශ කෙරුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ජාතික තව්හිද් ජමාත් සංවිධානය මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ සංවිධානයක් නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය එම්. එච්. ඒ හලීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *