ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී ඇති බව එහි සේවකයන් පවසනවා.
ඒ එම ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය සඳහන් කර ඇති අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බව එම ආයතයේ සේවක සංගමයේ නිලධාරියෙකු කියා සිටියා.
ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් වෘත්තිය සමිතියක් ආරම්භ කළ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට කටයුතු කිරීමත් සමග ස්වර්ණවාහිනයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබෙනවා.