ස්වර්ණවාහිනී නාළිකාවේ සේවකයන් වැඩ වර්ජනය අරඹයි

ස්වර්ණවාහිනී නාළිකාවේ සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ආයතනයෙන් ඉවත්ව මාර්ගයට පිවිස ඇත්තේ මිට සුළු මොහොතකට පෙරයි.

තම ඉල්ලීම් සඳහා එකඟ නොවුනහොත් විකාශන කටයුතු අත්හිටුවන බවට එහි සේවකයන් පිරිසක් පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.

ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන් පහ කිරිම මුල් කරගනිමින් මෙම වර්ජනය පැවැත්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *