අයියා මල්ලී ඉදිරියේ ‘අගමැති ලෙස දිවුරුම් දීම’ තවත් සුළු මොහොතකින්

මහමැතිවරණයෙන් ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබාගත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ සුබ මොහොතින් දිව්රුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදීයි. ශී‍්‍ර ලංකාවේ 14 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිව්රුම් දෙන්නේ සිය බාල සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.

නව අග‍්‍රාමාත්‍යවරයා දිව්රුම් දීමේ එම උත්සවයට මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සභිකයින්, රාජ තාන්ති‍්‍රක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.

මේ අතර, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම එළඹෙන 14 වනදා මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිතයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *