ලොව හොඳම ගුරුවරුන් දහය අතරට තෝරා ගත් ලංකාවේ උපන් ගුරුතුමිය

ශ්‍රී ලංකාවේ ඉපිද ඕස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන යශෝදායි සෙල්වකුමාරන් ලෝකයේ හොඳම ගුරුවරිය සඳහා වන තෝරා ගැනීමේ පරීක්ෂණයක අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.

එම තරගයෙන් ජය ගන්නා ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවීමට නියමිතයි.

යශෝදායි සෙල්වකුමාරන් නැමැති මෙම ගුරුවරිය බටහිර සිඩ්නි නුවර උසස් පාසලක උගන්වමින් සිටින අතර මෙම තරගය සඳහා ලොවපුරා 10000ක පමණ අපේක්ෂකයන් පිරිසක් එක්ව සිටියා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *