පාසැලේදී ලිංගිකව හැසිරුණු ගුරුවරයාට ගම්මුන්ගෙන් ගුටි!

පාසැලක කාමරයක් තුළදී තවත් පාසැල් ​සේවිකාවක් සමග ලිංගිකව හැසිරී හසුවීම නිසා ගම්මුන්ගෙන් ගුටි පූජාවකට ලක් වූ ගුරුවරයෙක් සම්බන්ධ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවේ තමිල්නාඩුවේ උදුප්පන් නම් රජයේ පාසලේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරන මේ පුද්ගලයා, එම පාසැලේම සේවිකාවක් සමග හාදකමක් පවත්වාගෙන යන අතර, පාසැල් කාලසීමාවෙන් පසු ඇය හා පාසැල් භූමිය තුළ​ම ලිංගිකව එක්වීම කාලයක පටන් සිදුකර තිබෙනවා. මේ දෙදෙනා එසේ හැසිරෙණු කිහිප වතාවකදීම පාසලේ දරුවන්ට හසුවීම නිසා ඒ දරුවන් ඒ ගැන තම දෙමවුපියන්ට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු දෙමවුපියන් සහ අසල ගම්වාසීන් අදාළ ගුරුවරයා සහ ඔහු සම්බන්ධතාවය පවත්වාගෙන යන කාන්තාව යන දෙදෙනාවම පාසල තුළ නොහොබිනා ලෙස හැසිරෙන අතරතුරම කොටු කරගන්න සමත් වී තිබෙනවා. ඉන් පසුව ගුරුවරයාට දරුණු ලෙස පහර දී, ඔහුව පාසැල් පිට්ටනියේ දණ ගස්වා පරිභව කරන්නටද ගම්වාසීන් සහ දෙමවුපියන් කටයුතු කොට තිබෙනවා. පසුව පොලිසිය විසින් මෙම පුද්ගලයාව වැඩිදුර පරීක්ෂණ සඳහා තමන් භාරයට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *