තමිල්නාඩුවේ වගා ළි‍ඳේ සිරවූ සුජිත් බේරගන්න පෙර මිය යයි

පසුගිය සිකුරාදා සිට මේ දක්වා ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්ව තිබුනේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් නැමති දරුවා බේරාගැනීමට එරට බලධාරීන් දියත් කළ මෙහෙයුමයි.

නමුත් ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස වාර්තා වූයේ ඔහුගේ දිවා බේරාගන්නට ප්‍රථමයෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි. ඉකුත් සිකුරාදා සවස 5.30ට පමණ මෙම වලට දරුවා වැටුනේ සිය මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටියදීයි.පළමුව අඩි 26 ක පමණ ගැඹුරක සිරව සිටි සුජිත්, කඹයක් යොදාගනිමින් එළියට ගැනීමට දැරූ ප්‍රයත්න අතරතුර අඩි 70 ක් පමණ ගැඹුරට වැටුන බව කියැවිණි.

ඉන්දීය අගමැතිගේ පවා අවධානය යොමුවී දරුවා මුදාගැනීමට විශාල මෙහෙයුම අරඹන විට දරුවා එම වලෙහි අඩි 88 ක පමණ ගැඹුරක සිරව සිටියේය.

බලධාරීන් කල්පණා කළේ තිබෙන වළ සෑරීමෙන් දරුවාට හානි විය හැකි නිසා වෙනත් වළක් එය අසළම හෑරීමෙන් හරස් අතට දරුවා වෙත ගමන් කර දරුවා බේරාගැනීමටය.
දරුවා සිරව සිටි වල පිහිටි භූමිය පාෂාණමය භූමියක් වීම හමුවේ කැණීම් කටයුතු ඉතා දුෂ්කර වූ බවත්, දරුවාගේ ජීවිතයට හානි නොවන පරිදි කැණීම් කළ යුතු බැවින් එම කාර්යය සෙමින් සිදුකරන බවත් ඉන්දීය බලධාරීන් දන්වා තිබූ අතර ඊයේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම් අරඹා පැය 82ක් ඉක්මගොස් තිබූ අතර දරුවා මුදාගැනීමට තවත් පැය 12 ක කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් කියා සිටියා.

නමුත් රාත්‍රියේ වාර්තාවූයේ මියගිය දරුවාගේ සිරුරෙහි දුඟඳ වළතුළින් හැමීමට පටන්ගත් බවයි. ඒ නිසා ඔහු මියගොස් ඇතැයි තහවුරු කරගෙන තිබේ.සිකුරාදා සවස සිට සඳුදා තෙක් දින 3 කට වැඩි කාලයක් නිරාහාරව කෑගසමින් සිටි මේ දෙහැවිරිදි දරුවා අපමණ දුක්විඳ සියල්ලන් ශෝකයට පත්කරමින් දිවි හැර ගොස් තිබුණි.

දරුවාගේ සිරුර හමුවීමෙන් පසු ඔහු මුදාගැනීමට වෙනත් වලක් හෑරීමේ ප්‍රයත්න නතර නොකළ බව ද ඉන්දීය බලධාරීන් දන්වා සිටියා.
ඔවුන්අඩි 98ක වලක් හෑරීමෙන් පසු, දරුවා වැටී සිටි වලට සමාන්තර උමඟක් හෑරීමෙන් දරුවා මුදාගැනීමට දැරූ උත්සාහය. අතරවාරයේ දරුවාට ස්වසනය කිරීම සඳහා ඔක්සිජන් ලබාදුන් බව ද ඉන්දීය බලධාරීන් දන්වා තිබුණි.

කෙසේ වෙතත් මියයාමෙන් පසුව මියගිය සුජිත්ගේ සිරුර කුහරය ඔස්සේ ගොඩගත් බව අද උදෑසන 8 ට පමණ ඉන්දීය බලධාරීන් දන්වා තිබුණි. සිරුර ඒ වනවිටත් නරක්ව තිබුණි. එය ඥාතීන්ට භාරදී ඇත.

ඉන්දීය ජාතික ආපදා මුදාගැනීමේ බලකායේ ප්‍රමාදය මෙම මරණයට මුල්වූ බවත් ඔවුන් එම ස්ථානයට කැඳවීමට දරුවා මුදාගැනීමේ මෙහෙයුම් අරඹා පැය 9 ක් ගත වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ක්‍රියා කළ ආකාරය නිවැරදි නොවන බවත් විවේචන එත්ලවී ඇත.

වගාජලය ලබාගැනීම සඳහා කණින ලද මෙවැනි ළිඳක් සිඳී ගිය පසු ගොවීන් එම ළිඳ අත්හැර දමනවා මිස වසා දැමීමට උත්සාහ නොකිරීම මෙම අනතුරට මූලික හේතුව විය.
මෙවැනි වලවල් වසා දැමීමේ උපදෙස් මාලාවක් මෙතෙක් නිකුත් කර නැත. සුජිත් විල්සන් වැනි දරුවන් ගණනාවක් වාර්ෂිකව ඉන්දියාවේ වගාළිං වලට වැටී මියයාමේ සිද්ධි වාර්තාවී ඇත.

මියගිය සුජිත් විල්සන් දෙහැවිරිදි වියේ පසුවිය. ඔහුට වැඩිමල් සොයුරෙකුද සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *