ත්‍රීරෝද රථ සඳහා අතිරේක ඉන්ධන කෝටාව ලබා ගැනීමට ලියාපදිංචිය අද සිට

මගී ප්‍රවාහනයේ පමණක් යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව ලබාගැනීමට ලියාපදිංචි වීම අද සිට සිදු කළ හැකි බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සඵලතාවය තීරණය කිරීම සඳහා මෙම ලියාපදිංචි කිරීමේ විධිවිධාන බස්නාහිර පළාතේ (WP) පමණක් ප්‍රථමයෙන් සිදු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ හිමියන්ට අතිරේක ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා නිල වෙබ් අඩවිය – https://wptaxi.lk/ වෙත පිවිසීමෙන් ඔවුන් ලියාපදිංචි වීම කළ හැකියි.

ඉන්ධන සැපයුම් කෝටාව ලීටර් 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් පසු සියලුම ත්‍රීරෝද රථ නැවත ලියාපදිංචි කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ත්‍රිරෝද රථ ලියාපදිංචිය අද සිට වෙබ් අඩවිය හරහා සිදුකෙරේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *