ගුරු විද්‍යාල අවසාන විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දැමේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

එම විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම්දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *