කඳුළු ගෑස් වෙනුවෙන් ආණ්ඩුව කරන වියදම දන්නවා ද ?

කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී රුපියල් එක් කෝටි අටලක්ෂ නවදහස් අටසීයක් වැයකර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදීගෙන නොමැති බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්‍ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති පිළිතුරෙහි මේ බව සඳහන් වන අතර ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *