ටෙලි සූද්දා ඩලස්ට කොකා පෙන්නයි

සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනියේ සභාපති මේ වනවිට ජනමාධ්‍ය ඇමති වරයා වන ඩලස් අලහප්පෙරුමගේ නියෝගද නොතකා උන්මත්තකයකු සේ බලය අභිබවමින් කටයුතු කරමින් සිටී.

ඔහු තම බලය පෙන්වමින් බලංගොඩ කල්තොට ප්‍රදේශයේ තම මාණික්කාවත ටෙලි නාට්‍ය රූ ගත කිරීම සදහා පිටව ගොස් ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ කිසිදු අවසරයකින්ද තොරවය. යම් ආයතනයක සභාපති වරයෙක් සිය පෞද්ගලික කටයුත්තක් සඳහා නිවාඩු ගන්නේ නම් අමාත්‍යාංශ ලේකම් වරයා එය අනුමත කිරීම අනිවාර්යයවේ. නමුත් ඊයේ දිනයේ සුදත් රොහන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මුනගැසී ඉල්ලුම් කළ නිවාඩු අනුමත කර නැති අතර,”උඹට ටෙලි නාට්‍ය හෝ සභාපතිකම යන දෙකෙන් එකක් තෝරා ගන්න වෙවි” යනුවෙන් ලේකම් වරයා පවසා ඇත. කෙසේ නමුත් සභාපතිවරයා ඩලස් කවුද මගේ වැඩවලට ඇඟිලි ගහන්න මගේ නාට්‍ය අනුමත කලේ අගමැති තුමා මාව නවත්තන්න කාටවත් බෑ කියා නාට්‍යයේ රූගත කිරිම් සඳහා පිටව ගොස් ඇත.

තවද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට අද දිනයේ ආයතන ප්‍රගති සමාලෝචන රැස්වීම ක්‍රියාත්මක වන අතර ඊටද සහභාගී නොවී හිතුවක්කාර ලෙස සභාපති තුමා ගේ මෙම වියරු හැසිරීම සහ මුදලට ඇති තණ්හාව හේතූවෙන් විෂය භාර අමාත්‍යතුමා ද තඹයකට මායිම් නොකර මෙවැනි දේ කරමින් සිටී.
එන්න එන්නම ආයතනය රේටීන් අංකය 06 දක්වා පහළ බැස ඇති තත්වය උඩදි සේවක මහතුන්ට තම වැටුප් පවා ගෙවා දැමීමට නොහැකි අස්ථාවර මෙවැනි කාලයක් තුලදී කිසිදු සදාචාරාත්මක භාවයකින් තොරව සුදත් රෝහණ කඩිමුඩියේ පහුගිය දිනවල දී අලෙවි ප්‍රධානීන්ට තර්ජනය කර ඇත්තේ තමා අධ්‍යක්ෂණය කරන මාණික්කාවත ටෙලි නාට්‍ය සදහා ඉතා ඉක්මනින් ගිවිසුමක් ලබා දෙන ලෙසයි.ඊට හේතුව වී ඇත්තේ ආසන්න දිනකදී සුදත් රෝහණ නාට්‍ය මිලදී ගැනීම් කමිටුව රැස් වූ අවස්ථාවේ තම මැර බලය භාවිතා කරමින් අයිආර්සී කාරයෙක් ලෙසින් හැසිරී තමාගේ නාට්‍ය කොටසක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා හෝ මෙම ආයතනයට විකුණන බව කියා පා ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ ඉහළ කළමනාකාරිත්වය ඉදිරි පිටම වීම තව තවත් ඔහුගේ නින්දා සහගත භාවය මනාව ඔප්පු කරමිනි.
තවද මොහු ආයතනය තුළ පැවැත්වෙන රැස්වීම් වල හා සාකච්ඡා වල නිරන්තරයෙන් පවසන්නේ සභාපති කමට වඩා මට නාට්‍ය වටිනා බවයි.මෙසේ සභාපති කම හෑල්ලු කරමින් සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනිය කඩා වැට්ටවීම සිතා මතා සිදු කරන්නේ පවතින රජය මෙන්ම පාක්ෂිකයන් ද සේවකයන් ද දැඩි අපහසුතාවයකට පත් කරවමිනි.

තවම හරිහැටි ටෙලි නාට්‍ය කොටස් 10ක්වත් රූ ගත නොකර එම රූප රාමු කිසිවක් සංස්කරණය නොකර එම දර්ශන කිසිවක් ITN නාට්‍ය මිලදී ගැනීම් කමිටුව ට යොමු නොකර preview නොබලාම කිසිදු නීත්‍යානුකූල භාවයකින් තොරව මොහු කඩි මුඩියේ මෙම ගිවිසුම අත්සන් කරන්න යාම තුළ ආයතනයට වෙන බරපතල ඛේදවාචකය වන්නේ ලක්ෂ 8 කට ආසන්න ටෙලි නාට්‍ය කොටසක් ඉතිහාසයේ ITN විසින් කවදාවත් මිලට ගෙන නොතිබු මෙම ක්‍රියාවලිය හමුවේ ආයතනය ආර්ථික වශයෙන් මෙන්ම ආයතන නීතී රීතී රෙගුලාසි උල්ලංඝනය කරන කණ්ඩායමක් ලෙස රජය තුළම අපහසුතාවයකට ITN පත් වීමයි.
මෙම නිර්ලජ්ජිත ක්‍රියාව පිළිබඳ වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය ඉතා ඉක්මනින් යොමු වේවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *