මාතර සංචාරක හෝටලයකදී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වමින් සිටියදී ඉකුත් 02 දා අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17 ක් ඊයේ (04 ද) මාතර වැඩබලන මහෙස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
සමාජ ජාල ඔස්සේ දැන හැඳින ගැනීමෙන් අනතුරුව මෙම සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා කොකේන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පෙති භාවිතයට ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඉකුත් 2 දා සවස 6.00 ට පමණ ආරම්භ වී ඇති අදාළ සාදය අලූයම 3.00 දක්වා පැවති අතර ඒ අවස්ථාවේදී ද මොරටුව වත්තල, පානදුර, අම්පාර සහ මාතර ප්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන් සාදයට එක්වී තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර රංගන ශිල්පිනී වර්ණකුලසූරියගේ ශානිකා මධුවන්ති, හේවා මාරඹගේ කිත්සිරි, ඞී. එල්. කාංචන තරංග, ඞී. එම්. එම්. දිනේෂ් චානක ඉඳුරංග, එම්. ඒ. එම්. ඉර්ෆාන්, සී. එන්. ඇන්ටන් සවිරු සිල්වා, එස්. ඞී. ප්‍රවීන් රන්දිත, ඞී. ඒ. උදාර ආසිරි ප්‍රසන්න, රාජකරුණා, ඩිල්න්ත ෆොන්සේකා, වයි. එස්.සමරනායක, ටී. ජී. චින්තක, දුලාන් සිල්වා, කුමරන් ඩිලාන් මයුර, විමුක්ති තරංග, කේ. පී. ඞී. නිලූපුලි, ශානිකා ධර්මා, ඞී. ඩබ්ලිව්. ගිම්හාන් ගුණතිලක, පසිඳු සමීර පීරිස් ඇතුළු තරුණ තරුණියන් පිරිසක් සිටිනවා.