ලොහාන් බන්ධනාගාරෙට එක්කන් ගිය කාන්තාව ගැන සිරකරුවන් දුන් සාක්‍ෂිය

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයට ගියේ හදිස්සියේ නොවන බවත් එය රටේ ජනතාවගේ ප්‍රශ්ණයක් නිරාකරණය කිරීමට සිදුකළ දෙයක් බවත් ඔවුන් පවසති.

මේ ගැන අදහස් දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා පවසන්නේ සිදුවීම සම්බන්දයෙන් ඔවුන් ලද නිරීක්ෂණ තොරතුරු වලට ප්‍රකාරව හිටපු ඇමති ලොහාන් රත්වත්තේ මහතාගේ වැරද්දක් ඇති බවය.

තවද හිටපු බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අලලා පසුගියදා ඇතිවූ මෙම සිදුවීමට අලලා ඔහුත් සමඟ ගිය පිරිසක් ගැන ද සඳහන් විය. එහිදී එක්තරා කාන්තාවකගේ නම මහත් ආන්දෝලනයට තුඩු දුන් කරුණක් විය.

ඒ ගැන මනෝ ගනේෂන් මහතා ඇතුළු එහි ගිය අනෙක් සමගි ජන බලවේගයේ සාමාජිකයින් විසින් විමසීමක් සිදුකර ඇත. එවිට අදාල සිරකරුවන් පවසා ඇත්තේ කාන්තාවක් නොසිටි බවත් ඇමති සමඟ ආ පිරිස ආරක්‍ෂකයින් හෝ පුද්ගලික මිතුරන් විය හැකි බවත්ය. කෙසේවෙතත් ඔවුන්ට පැමිණි සිට හරිහැටි හඳුනාගැනීමට හැකිවී නැත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *