තායිවානය චීනයේ කොටසක් නොවේ- කැනඩාවේ මත ගැටුමක්

තායිවානය චීනයේ ප්‍රාන්තයක් බවට කැනඩා සෞඛ්‍ය බලධාරීන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ දී දැඩි විරෝධයක් පළව තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, කැනඩා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිගින් දිගටම තායිවානයේ සෞඛ්‍ය පර්යේෂණ කටයුතු සදහා ආධාර ලබාදීමේ දී තායිවානය චීනයේ ප්‍රාන්තයක් ලෙස දක්වා ඇති බවයි.

තායිවානය චීනයේ ප්‍රාන්තයක් නොවන බවත් එය තායිවානය ලෙස දැක්විය යුතු බවත් කැනඩා මහජන මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මයිකල් කූපර් මෙහිදී අවධාරණය කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් ක‍ළ යුත්තේ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා රටවල් මෙවැනි හදුන්වාදීම් නොකළ යුතු බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *