කෝටි ගණනක් වටිනා මුද්‍රණය යන්ත්‍රයක් කපා එම යන්ත්‍රයට හසුවූ සිය සේවකයාගේ අත බේරා ගැනීමට කටයුතු කළ මුද්‍රණ ආයතනයේ හිමිකරුවකු පිළිබඳව පසුගිය කාලයේදී කතාබහට ලක් වුණා.
මෙත්තානන්ද රූබසිංහ නම් වන ඔහුට සේවකයාගේ ජීවිතය වෙනුවෙන් වන්දි ප්‍රධානය කිරීමට රක්ෂණ සමාගම එකඟ වී නොමැති බවයි මේ වන විට වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඔහු බරපතල ඛේදවාචකයට ලක්ව ඇති බව ප්රවිණ ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතා සිය ෆේස් බුක් ගිණුමට එක්කළ සටහනක දැක්වෙනවා.
ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ අතර ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා පාත්‍ර වුණා.
මේ සම්බන්ධයෙන් ඉන්ද්‍රනාත තේනුවර මහතා තබා ඇති සටහනයි මේ..
‘පසුගිය මාර්තු 15වන දා මම අම්පාරට ගියේ වෙනත් රාජකාරියකට ය. නමුත් ඒ අතරතුර ලද ඇසිල්ලෙක මම මගේ පැරණි අතිජාත මිත්‍රයකු වන මෙත්තානන්ද රූබසිංහ මහතා හමු වන්නට ඔහුගේ Tharindu Offset Printers ආයතනයට ගියෙමි.
ආගිය කතාබහින් පසු, මා මිත්‍රයා පත් ව සිටින ත්ත්වය ගැන මම මහත්සේ විස්සෝප වීමි.
මුද්‍රණ යන්ත්‍රයට අත හසු ව, කෝටි ගණනක් වටිනා යන්ත්‍රය කපා සේවක මුණසිංහ මහතාගේ ජීවිතය බේරා ගත් මේ මහා මනුෂ්‍යයා අද පත් ව සිටින්නේ බරපතල ඛේදවාචකයක් අබිමුඛ ව ය. ඒ ඔහුගේ දේපොල සියල්ල අත්පත් කර ගන්නා අවසන් අවස්ථාවකට ම එළැඹ ඇති නිසා ය. මේ සිද්ධිය දැන ගත් මොහොතේ සමස්ත ජනතාව ම මේ මේත්තානන්ද මහතාගේ මෙහෙවර බොහෙවින් අගය කළ බව මට මතක ය… ඔහුට සුබ පතමින් පෝස්ට් දහස් ගණනක් පළවිය. ඒ නිසා ම ඔහුට ගෞරව සම්මාන ද පුද කරනු ලැබිණි. නමුත් අද ඒ කිසිවෙක් නැත…!!!
රක්ෂණය අහක බලාගෙන ය…!
බැංකුව සිරිත්පරිදි ගොරවමින් සිටියි..!!
ඔවුන්ට මේ මනුසත්බව තඹයකට වටිනා ක්‍රියාවක් නොවේම ය…!!
සිද්ධිය වන අවස්ථාවේ දී මෙම යන්ත්‍රෙයන් මුද්‍රණය කොට අවසන් ව තිබූ කැලැන්ඩර ලක්ෂ ගණනක් ම විනාශයට පත් වීම නිසා රූබසිංහට සිය වෙළෙඳ අරමුණ සාක්ෂාත් කර ගත නොහැකි විය. එයින් ගොඩ එන්නටනම් තවත් අවුරුද්දක් ම බලා සිටිය යුතු ය. ෙදෙනික රාජකාරිවලින් උපයන සියලු මුදල් බැංකුවේ තැන්පත් කළ ද, එයින් හිඟ ණය වාරික ගෙවී යන්නේ නැත. ලැබෙන හැම වත්කමකින් ම ණය ගෙවූව ද, ඒ මහා ණය කන්ද පාමුලවත් තබන්නට ඒවා සමත් වන්නේ ද නැත. මන්ද මේ ණයට එකතු ව ඇති පොලී මුදල ද අතිමහත් නිසා ය.
සිය සේවකයන්ගේ සුබසිද්ධිය සඳහා කැප වන ව්‍යාපාරිකයන් අතිශයින් හිඟ මේ කාලයේ, සිය අවදානම් ආර්ථිකය තඹයකට නොගෙන, මහා මිනිස්කමකින් ක්‍රියා කළ මිනිසකුගේ උත්තුංග මෙහෙවරක් අගය කරන්නට ද, එමෙන් ම මෙවැනි අතිශය මානව හිතවාදී ක්‍රියාවන් කොට සිය සේවක ජනයා රකින ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නට ද මේ මොහොතේ අප සැම ශක්ති ප්‍රමාණයෙන් එකතු විය යුතුයැයි මම විස්වාස කරමි.
ඔබගේ දයාර්ද්‍ර බව කිසියම් මුදලක් එකතු කොට දීමට එහා ගිය ශක්තිමත් මහජන මතයක් ගොඩනංවන එකක් වනු ඇතැයි ද මම සිතමි.’