කොරෝනා සුන් කරන්න මෙරට ඉංජිනේරුවෙකුගෙන් රොබෝවෙක්.. කෝටි 03ක යන්ත්‍රය ලක්‍ෂ 10න් හදයි

COVID 19 හෙවත් කොරෝනා වසංගත උවදුර මර්ධනය කිරීමට දරන උත්සාහයේදී දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කරනු ලබන රොබෝවරයෙක් මගින් එසේ වයිරසය පැතිරී ඇති ස්ථාන වල විෂබිජහරණය කිරීම සදහා නිර්මාණය කර ඇත. මෙසේ නිර්මාණය කර ඇත්තේ නිසල පෙදෙස පහළ ඉබුල්ගොඩ පදිංචි ඉංජිනේරු තරිඳු සුරාජ් සහ ඔහුගේ කණ්ඩායමයි.

ලංකාවේ දැනට, විෂබීජ නාශනය කිරීම සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරන විෂබීජ නාශක දියරයන්, සාමාන්‍යයෙන් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගන්නා අතර මෙම රොබෝ තාක්ෂණය භාවිතා කිරීමෙන් එම කාලය 60% දක්වා අඩු කර ගත හැකි බව ඔවුන්ගේ විස්වාසයයි. එමෙන්ම වසංගතයට නිරාවරණය නොවී කිසියම් ස්ථානයක විෂබිජහරණය කිරීම සදහා මෙවැනි රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමේදී මිනිස් සම්පත රැකගැනීමට ඉවහල් වේ. දියර භාවිතා කිරීමට නොහැකි ස්ථාන වලටත්, ඉදිරියේදී මෙවැනි ආකාරයේ එන ඕනෑම වසංගත තත්වයන්ටත් මෙම රොබෝවරයා භාවිතා කිරීමට හැකියාව ඇත.

එම කණ්ඩාම විසින් 07/04/2020 දින ගම්පහ වික්‍රමාරච්චි රෝහලට අනුබද්ධ පර්යේෂනාගාරයක මෙහි ප්‍රථම අත්හදාබැලිම සිදු කලේ COVID 19 වලටත් වඩා බරපතළ ගණයේ වයිරස් වලටයි. එහිදී පැවැත්වූ පරීක්ෂණ 100% ක්ම සාර්ථක බව වාර්තා වේ. මෙම පරීක්ෂණය මෙහෙය වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ශුද්‍ර ජීවී අංශ ප්‍රධානි මහාචාර්ය ඩි.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙම රොබෝ යන්ත්‍රය පාරජම්බුල කිරණ භාවිතා කරමින් සිදු කරණ විෂබිජහරණ ක්‍රියාවලිය 100% කම අනුමත කළ හැකි බවයි.

ඉංජිනේරු තරිඳු සුරාජ් කොලබ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර ඉගෙනගෙන, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික විද්‍යාව හදාරා එම විශ්ව විද්‍යාලයේම දැනට සේවය කරයි. ඒ මහතා පවසන්නේ මෙවැනි රොබෝ යන්ත්‍ර චීනයේ වැනි රටවල්වල භාවිතා කරන අතර එක් යන්ත්‍රයක් රු. ලක්ෂ 300 ක් පමණ වන බවයි. නමුත් ඔවුන් සදා නිම කළ රොබෝ යන්ත්‍රය රු. ලක්ෂ 10ට අඩුවෙන් සාදා සාර්ථකව භාවිතා කළහැකි බව වැඩිමනත්ව පවසයි.

මෙම රොබෝ යන්ත්‍රය සාර්ථක කරගැනීමට ඔවුන්ට උදව් සහ උපකාර කල සියලු දෙනාට විශේෂ ස්තුතියක් කල අතර, මෙහි ඉදිරිගමනට බලධාරීන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *