පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද රත්ගම දෙදෙනාගේ පවුලේම පහකටත් නොතීසි

පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද රත්ගම පුද්ගලයන් දෙදෙනාගේ පවුල්වල ඥාතීන් පස් දෙනකුට මාර්තු 26 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නොතීසි නිකුත් කළා.

නඩුවක සාක්කි දීම සඳහා අධිකරණයට පැමිණ සිටි පොලිස් පරීක්‍ෂකවරයකුට අධිකරණ භූමිය තුළදීම මරණ බවට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ඉමදුව පොලිසියේ පොලිස් පරීක්‍ෂක ටී.එච්. බන්දුල මහතාට බැනවැදී මරණ බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙසේ නොතීසි නිකුත් කරනු ලැබුවේ දේනෙත්ති ධනවතී (පැහැරගෙන යන ලද අසේල මංජුල කුමාර යන අයගේ මව) ගෝනාපීනුවලගේ සෝමදාස (අසේල මංජුල කුමාර යන අයගේ පියා), මෙරෙඤ්ඤ ඉන්ද්‍රාණි (පැහැරගෙන යන ලද රසික් චින්තක යන අයගේ මව), දීපානි ප්‍රියංකා (රසික් චින්තක බිරිය) සහ කොස්ගම රොහාන් චින්තක යන පස් දෙනාටය.

එම නොතීසි පිස්කල්වරයා විසින් භාර දී වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අයුතු ජන රාශියක සාමාජිකයන් වී සිටිමින් අධිකරණයේ විභාග වන නඩුවක සාක්කි දීමට පැමිණ සිටි පොලිස් නිලධාරියකු මරණ බවට තර්ජනය කොට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් පොලිසිය “බී” වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා මෙසේ නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

රත්ගම පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන යෑම සම්බන්ධ නඩුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී පෙබරවාරි 27 වැනි දින කැඳවන ලද අතර එදින ඔවුන්ගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණ සිටි බවත් වෙනත් නඩුවක සාක්කි දීමට පැමිණ සිටි තමාගේ පිටුපසින් පැමිණි පැහැරගෙන ගොස් ඇති දෙදෙනාගේ ඥාතීන් පිරිසක් “මාළු කනවා” “මරණවා” ආදිය කියමින් මරණ තර්ජන කර ඇති බවටත් පොලිස්පරීක්‍ෂකවරයා අධිකරණයේ තොරතුරු සටහන් පොතේ සටහන් කර පසුව ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *