ලෝක රූ රැජින තරගයට ගිය සුරූපී පුෂ්පිකා සිව්වන ස්ථානය මුසපත් කරවයි

ලෝක විවාහක රූ රැජිණ කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක් වූවාය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරට විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා තරගාවලියේ අවසන් හයදෙනා අතරට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා අවසන් මහා තරගයේ අවසන් තරගකාරියන් 15 දෙනා අතරට සුදුසුකම් ලබාගත් අතර ඇයට තරගාවලියේ හිමිවූයේ සිව්වන ස්ථානයයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා තැබූ සටහනක් පහතින්…

” මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුනෙමි. තරගය ජයග්‍රහණය කළ පලමු දෙවන තෙවන ස්ථානය ලබා ගත් විවාහක රූ රැජිණියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *