මුහුදේ සැඟවුණු ‘දියණියන් දෙදෙනාගේ සිරුරු’ වෙරළට ඇවිත්

පයාගල – මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ එකම පවුලේ දැරියන් දෙදෙනෙකු සිරුරු අද (14) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පයාගල වෙරළ තීරයේ එම සිරුරු ගොඩ ගසා තිබියදී පොලීසියට ලද තොරතුරකට අනුව ඒවා සොයා ගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12 සහ 15 ක් වන දැරියන් දෙදෙනෙක්.

ඔවුන් ඊයේ (13) පස්වරුවේ සිය ඥාතියෙකු සහ තවත් දරු දැරියන් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට යාමේදී රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වුණා.

ඉන් අනතුරුව පොලීසිය සහ නාවික හමුදාව ඔවුන් සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *