වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ සොයාගත් කාන්තා මළ සිරුර

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ සොයාගත් කාන්තා මළ සිරුර හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ රැගෙන ඇවිත් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අදාල ගමන් බෑගය පුද්ගලයෙකු විසින් හංවැල්ල – කොළඹ පුද්ගලික බස් රථයක දමාගෙන රැගෙන ඇවිත් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සහිත බෑගය සොයාගත් බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් ගමන් බෑගය එම ස්ථානයට ගෙනවිත් දමන අයුරු අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී තිබුණා.

එම දර්ශන ඔස්සේ මේ වන විටත් පොලිසිය සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර න අදාළ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

 

 

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *